Posts

රැකියාවක අරුම....

රැකියාවක අරුම.... මුලු ලොවම ඔබ විය මගේ ලෝකේ සදාකල් සෙවූයෙමි ඉඩ රැදෙන්නට ඔබෙ හදේ මං පෙති තලා පොඩිකල හද මලේ මේ ලෙසින් දැන් මා කෙලෙස සැනසෙමි ඔබගෙ තුරුලේ මතුව මින්..... දුක් කදුලු සුසුමන් දරා සිටියා හද පුරා රුහිරු දා බිදු නිමක් නෑ හෙලු ඔබ නිසා දිදුලනා ඔබෙ නම දකින්නට ලොව පුරා.. පෙරූ පිරුමන් දන්න අය ඇයි ගොලු වෙලා.... පන්සලක් යයි රැවටිලා පිය මැන්න බිම සොහොනක් වෙලා.... වැටත් නියරත් ගොයම් කා නම් තලු මරා කපනු බැරි අත සිඹී නම් වාසිය තකා.... දිය යටින් ගිනි ගෙන යයි පයෙන් ඇද ඇද දමා දිය රෙද්දකින් නිති බෙල්ල කපනට සැරසෙනා... පිටට පෙනෙනා පන්සලෙත් යකුන් සිටිනා බව දනිම්.... මා නිරතුරුව රැදි නිරය විය යමයන් පිරී වෙහෙසුනා දිවි රකින්නට උන්ගෙන් මිදී දැන් හරිම වෙහෙසයි ගත සිතේ සවි බල බිදී යම ලොවේ යම පාඩමම ඇති මට යලි... එක වදනකින් හෝ මගේ හදවත සනසනා... තුම් දෙවි බඹුන් එක් අයෙකු දෙන්නකු හමු උනා... දණ බිම ඔබා අත් එකතු කොට නලලත දරා පා වදිමි ඒ උතුමන්ගෙ නාමය හද දරා... චමිලා හේරත්

අපි මේ ගැන දැනගන්න ඕන-විදුසද අධ්‍යාපන ආයතනය- ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයේදී විෂය නිර්දේශයට අදාල සන්නිවෙදනය සදහා පරිගණකය සහ අන්තර්ජාලය භාවිතය

රැකියාව....

රැකියාව.... මිනිසත්කමත් කුලුණත් සහතිකත් මහ ගොන්නක් තුරුලු කරගෙන දහසකුත් හැකි කම් මහා කතරක දෙපා නැගුවේ සොයා දිය දෝතක් කෙදින හෝ ලැබෙනතුරු සා පවස නිවා සනහා..... පුරා දහතුන් වසක් මා සිත් සොවින් රැදුනේ ඔබේ සෙවනේනම්... නිබද අදුරේ ගිලී උන්නේ දකින තුරු එළියක් සදා මා ඔබේ ඇසුරේ නම්....... පොදු ජනට සේවය තකා බැති සිතකින් .... වැටත් නියරත් ගොයම් කා නම් සදා කල් කාට නම් පවසම් ඉතින් අවනඩුව මම්...... දරා සෝ සුසුමන් හදේ මේ ලෙස ඉතින් ඉන්නදෝ දිවි ඇති තුරා මේ ලෙසම මම්... මහා වෙනසක් පතා ආ ගමනේ මේ තරම් සෝ ලතැවුල් කිමැයි නොදැනේ.. දෛවයේ සරදම් මේ ලෙසද උරුමේ... මා කාට නම් පවසම් ද මේ අරුමේ... එක් ඇගිල්ලක් පමණක් තබන්නට ඉඩක් දුන්නා නම් පැතු පැතුම් මිලිනව නොයයි මගෙ ලෝකේ සුදුසුම තැනක් අද හෙටද මතු කවදා නොලැබුනත් මට දැන් එපා බොරු ස්නේහේ......... කපනට නොහැකි විට සිඹිනයුරු අත කෙසේ නම් ඉවසමිද නොදැනුන සේ .... අරුනෝදෙ පිබිදෙමි ලෙසින් හිරු අඔරේ.... හා හැකිද මා වළකන්න පෙර වාගේ ... චමිලා හේරත්

විදුසද- අධ්‍යාපනික සම්මන්ත්‍රණය-5 ශ්‍රේණිය

අපි මේ ගැන දැනගන්න ඕන-විදුසද අධ්‍යාපන ආයතනය- ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයේදී විෂය නිර්දේශයට අදාල සන්නිවෙදනය සදහා පරිගණකය සහ අන්තර්ජාලය භාවිතය

නැණසල මරදගහමුල මගින් අනුග්‍රහ දායකත්වය දරන ලද මිනු/දූනගහ ම.ම.වි. දරුවන් උදෙසා පවත්වනලද විශේෂ ධනාත්මක චින්තන සහ වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන

Image

මම ආසයි මගෙ පියාපතින් ඔබට සිසිල දෙන්න