Posts

Showing posts from August, 2019

තොරතුරු තාක්ෂණය-6 වසර- 01 පාඩම

Image
6 වසර පාඩම 01     01.                    පරිගණකවල වැදගත්කම පරිගණකය යනු කුමක්ද? පරිශීලකයා විසින්   ආදානය කරන හෝ පද්ධතිය විසින් රැස් කර ගනු ලබන දත්ත ලබා ගෙන , පරිශීලකයා විසින් දී ඇති උපදෙස්වාට අනුව සකස් කරමින් ඔහුට හෝ ඇයට අවශ්‍ය ආකාරයේ තොරතුරු ප්‍රතිදානය කරන ,විදුලි බලයෙන් ක්‍රියා කරන ඉලෙක්ට්‍රොනික උපකරණයක් ලෙස පරිගණකය නිර්වචනය හැක .   පරිගණකය වර්තමාන සමාජයේ අත්‍යවශ්‍ය උපකරණයක් බවට පත් වී ඇත. මක් නිසාද යත් එය සැම ක්ෂේත්‍රයකම යොදා ගැනීම හා එහි සුවිශේෂී ගුණ පැවතීමයි . 1.1පරිගණකයේ ලාක්ෂණික ගුණ     I.      ඉතා නිවැරදි වීම -ගෙවෙන කොටස් නොමැති බැවින් සහ වෙහෙස නොදැනෙන බැවින් දවසේ පය24 ම එකම නිරවද්‍යතාවයෙන් ක්‍රියා කරයි.    II.      වේගවත් බව සහ කාර්යක්‍ෂමතාවය -තත්පරයකට උපදෙස් මිලියන ගණනක් ක්‍රියාත්මක කිරීමට පරිගණකයට හැකිය. වෙහෙස නොදැනෙන බැවින් දවසේ පැය24 ම එකම වේගයෙන් ක්‍රියා කරයි.   III.      විශ්වාසනීය බව -ලබා දෙන උපදෙස් අනුවම පමනක් ක්‍රියා කරයි.   IV.      ඉහළ ආචයන ධාරිතාව -ඉතා අඩු ඉඩක සුවිසල් දත්ත   ප්‍රමාණයක් වැඩ කල හැක.   V.      නියත