තොරතුරු තාක්ෂණය-6 වසර- 01 පාඩම


6 වසර
පාඩම 01
    01.                   පරිගණකවල වැදගත්කම

පරිගණකය යනු කුමක්ද?
පරිශීලකයා විසින්  ආදානය කරන හෝ පද්ධතිය විසින් රැස් කර ගනු ලබන දත්ත ලබා ගෙන , පරිශීලකයා විසින් දී ඇති උපදෙස්වාට අනුව සකස් කරමින් ඔහුට හෝ ඇයට අවශ්‍ය ආකාරයේ තොරතුරු ප්‍රතිදානය කරන ,විදුලි බලයෙන් ක්‍රියා කරන ඉලෙක්ට්‍රොනික උපකරණයක් ලෙස පරිගණකය නිර්වචනය හැක .

 පරිගණකය වර්තමාන සමාජයේ අත්‍යවශ්‍ය උපකරණයක් බවට පත් වී ඇත. මක් නිසාද යත් එය සැම ක්ෂේත්‍රයකම යොදා ගැනීම හා එහි සුවිශේෂී ගුණ පැවතීමයි .

1.1පරිගණකයේ ලාක්ෂණික ගුණ

    I.     ඉතා නිවැරදි වීම -ගෙවෙන කොටස් නොමැති බැවින් සහ වෙහෙස නොදැනෙන බැවින් දවසේ පය24 ම එකම නිරවද්‍යතාවයෙන් ක්‍රියා කරයි.

   II.     වේගවත් බව සහ කාර්යක්‍ෂමතාවය -තත්පරයකට උපදෙස් මිලියන ගණනක් ක්‍රියාත්මක කිරීමට පරිගණකයට හැකිය. වෙහෙස නොදැනෙන බැවින් දවසේ පැය24 ම එකම වේගයෙන් ක්‍රියා කරයි.


  III.     විශ්වාසනීය බව -ලබා දෙන උපදෙස් අනුවම පමනක් ක්‍රියා කරයි.

  IV.     ඉහළ ආචයන ධාරිතාව -ඉතා අඩු ඉඩක සුවිසල් දත්ත  ප්‍රමාණයක් වැඩ කල හැක.


  V.     නියත බව -  හැඟීම් දැනීම් නොමැති බැවින් ක්‍රියාකාරීත්වය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් නොවේ.

  VI.     බහුකාර්ය බව- විවිධ වූ කාර්යන් සඳහා යෙදවිය හැක.


 VII.     බුද්ධිමත්නොවීම  - පරිගණකයට තනිව සිතා කිසිවක් කල නොහැක.

නිහිත  පරිගණක සහිත උපකරණ
පරිගණක සංකල්පය භාවිතා කරන පරිගණක නොවන උපකරණ මෙලෙස හඳුන්වයි.
උදාහරණ         :-නවීන ජංගම දුරකථන           
                         CT scanner
                          MRI scanner
                         මෝටර් රථ
                        රෙදි සෝදන යන්ත්‍ර
                        නූතන රුපවාහිනී යන්ත්‍ර

Comments

Popular posts from this blog

English Language-අලුත්ම විදියකට ඉංග්‍රීසි භාෂාව ඉගෙනගන්න කැමතිද?

BE POSITIVE AND CHENGE YOUR LIFE

රැකියාවක අරුම....