English Language-අලුත්ම විදියකට ඉංග්‍රීසි භාෂාව ඉගෙනගන්න කැමතිද?






English Language
Acknowledgement


 
පළමු වසරේ  සිටම ඉංග්‍රීසි භාෂාව  ඉගෙන ගන්නා ඔබට වාක්‍ය දෙකක්  ගැටගසාගෙන කතා කිරීම හෝ ලිවීම අදටත් හරිම අමාරු වැඩක් නේද?

එය ඔබේ වරදක් නොවේ. ඔබ භාෂාව ඉගෙන ගන්නා ක්‍රමවේදයේ හා විශේෂයෙන් අවබෝධකොට ගතයුත්තේ ඉගෙන ගතයුත්තේ මොන මොන දේවල් ද යන්න පිළිබදව ඇති අල්ප දැණුමයි. එමෙන්ම එදා සිට අද දක්වාම විෂයයක් විදියට පමණක්ම ඉංග්‍රීසිය ඉගෙන ගැනීමයි.

නැවතිල්ලේ සිතා බලන්න.ඉංග්‍රීසි යනු හුදෙක් විෂයයක් පමණක්ම නොවේ. එය භාෂාවකි. භාෂාවක් නිරතුරුවම භාවිතයේ යෙදවිය යුතුය. අනිවාර්යයෙන්ම කතා කිරීමේදී භාවිත කල යුතුය.එදිනෙදා නිරතුරුවම ඉංග්‍රිසි භාෂාව භාවිත කිරීම පුරුද්දක් කර ගත යුතුය.
ජීවිතයේ කරන කියන කටයුතු පිළිබදව ඉංග්‍රීසියෙන් කතා කල යුතුය . ලියන විට , කියවන විට නිරතුරුව භාවිත කරන විට එය  life style එකක් බවට නැතහොත්  Life skill එකක් බවට පත්වේ. එවිට අපටත් නොදැනිම ඉංග්‍රීසියෙන්ම සිතා බලා කටයුතු කල හැකි තත්වයට පත් වනු දක්නට ලැබෙයි.

මුලු ශබ්ධ කෝෂයම පුරවා ඇත්තේ ක්‍රියාපද (Verbs), නාමපද (Nouns), නාම විශේෂණ (Adjectives) හා ක්‍රියා විශේෂණ (Adverbs) යනාදියෙනි.
මේවාට හුරුවන තුරු ඔබට හොදින් භාෂාව හැසිරවීමේ කුසළතාවය ඇති නොවෙයි.

වඩාත්ම වැදගත් වන ක්‍රියා පද සම්බන්ධයෙන් බොහෝ කරුණු ඉගෙන ගැනීමට හැකි වන ලෙස පළමු පොත සකස් කිරීමට  මම වග බලා ගත්තෙමි.

එකම පොතක් තුල බොහොමයක්  විෂය කරුණු අන්තර්ගත කිරීම භාෂාව හදාරන්නන් කුමන තරාතිරමක වුවද  ඔවුනට වෙහෙසකාරි  බවක් මෙන්ම එපා වීමක් ඇති කරයි.
එබැවින්

1.ඉංග්‍රීසි භාෂාවේ  ක්‍රියාපද හා ක්‍රියා විශේෂණ Verbs and Adverbs in English Language.
2. ඉංග්‍රීසි භාෂාවේ නාම පද හා නාම විශේෂණ Nouns and Adjectives in English
     Language.
3 .තනිවම ඉංග්‍රීසි කතා කරමු- Let’s speak English along.
4.ඉංග්‍රිසි වාක්‍ය රටා හා එදිනෙදා භාවිතයන්-Sentence Patterns and Daily Usages.
5.බහු පද රටා , සාම්ප්‍රදායික යෙදුම් හා සන්ධිවාචක පද -Phrasal Verbs , Idioms and Conjunctions

ලෙස කොටස්  කිහිපයක් යටතේ මුල සිටම ඉතා සරලව පහසුවෙන් තේරුම් ගෙන තනිවම අධ්‍යයනය කිරීමට හැකි වන ආකාරයෙන් පොත් කට්ටලයක් ලෙස එලි දැක්වීමට තීරණය කළෙමි.
පරිගණක භාෂාව හා තොරතුරු තාක්ෂණික දැනුම ඔබ කුමන මට්ටමක සිටියද ඔබව ඉහළටම ඔසවා තැබීමට උදවු කරයි.

අප දරුවන් තනනුයේ අප පසුකර ඉදිරියෙන් ඉදිරියට යාමට මිස අපට පසු පසින් හෝ අප සමග එක පෙළට යාමට නොවේ.

මෙම පොත් කට්ටලය හොදින් පුහුණු කරන්න. ඔබ තුල සිදුවන වෙනස ඔබම අත්විදින්න.පරිගණක / තොරතුරුතාක්ෂණික හා ඉංග්‍රීසි භාෂා කථිකාචාර්ය වරියක් මෙන්ම වෘත්තීය මාර්ගෝපදේශන හා මනෝ උපදේශිකාවක ලෙස  මා විසින් වසර 15 කට අධික පළපුරුද්ද තුල මෙන්ම අදාල ක්ෂේත්‍රයන්හි අධ්‍යාපනික, වෘත්තීයමය දැණුම හා කුසලතා පදනම් කොටගෙන ලත් අත්දැකීම් වලට අනුව මෙම පොත් කට්ටලය ඔබව ඉහළටම ඔසවා ගබන බවට මම සපථ කරමි. මා විසින් සකසා ඇති මෙම පොත් 5 කින් යුත් පොත් කට්ටලය නිවැරදිව භාවිත කරන ඔබට නිසැකවම ඉංග්‍රීසි ලිවීම. කියවීම හා කතාකිරීම ප්‍රගුණ කල හැකි බවට මම සපථ වෙමි.ඒ සදහා අවශ්‍ය මගපෙන්වීම ද මා විසින් ඔබගේ අවශ්‍යතාවය අනුව පොත මිලදී ගත් පසුව වුවද ඉටු කරනු ලබන බව සතුටින් සදහන් කරමි.

චමිලා හේරත්.
ඔබට ජයෙන් ජය.

Comments

Popular posts from this blog

තොරතුරු තාක්ෂණය-6 වසර- 01 පාඩම

BE POSITIVE AND CHENGE YOUR LIFE

රැකියාවක අරුම....