BE POSITIVE AND CHENGE YOUR LIFE




 
ICT Officer (SLICTS)-  (Data Base Administrator)
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිළධාරි-(පද්ධති   පරිපාලක)
National Career Counselor - ජාතික වෘත්තීය මාර්ගෝපදේශක හා උපදේශක
  •  ICT and English Lecture and trainer-
            grade 6,7,8,9,10,OL/AL  /AO,DO.Graduates etc..
          (More than 15 Years  Experience)
            පරිගණක හා ඉංග්‍රීසි භාෂා කථිකාචාර්ය හා පුහුණුකරු
  • NVQ 3/4/5/6/Assessor - ජාතික නිපුණතා මට්ටම් 3/4/5/6                                                                ඇගයුම් කරු
  • Entrepreneurship  Trainer- ව්‍යවසායකත්ව පුහුණුකර

         


අප දරුවන් තනනුයේ අප සමග පෙළට යාමට හෝ අපට පසු පසින් ඒමට නොව අප පසුකර ඉදිරියෙන් ඉදිරියට යාමටය.

දෙමව්පියනි/ප්‍රිය සිසු දරුවනි/වෘත්තිකයනි/සහෘදයෙනි,

වර්තමාන ලෝකයේ සෑම ක්ෂේත්‍රයක්ම පරිගණක තාක්ෂණය/තොරතුරු තාක්ෂණය විසින් අත්පත් කරගෙන ඇති යුගයක ශ්‍රී ලාංකීය පාසැල් අධ්‍යාපනය තුල මෙන්ම උසස් අධ්‍යාපන, වෘත්තීය පුහුණු ආයතන,විශ්වවිද්‍යාල තුලද මෙම විෂය කෙරේ සුවිශේෂී නැඹුරුවක් දක්නට ඇත.

විශ්ව විද්‍යාලයට යාම දක්වාත් ඉන් පසුවත් රැකියා ස්ථානයන්හිදී ද පරිගණක දැණුම නොමැතිව කිසිදු කාර්යයක් කරගත නොහැකිය.බොහෝ වෘත්තින් සදහා බදවා ගැනීමේදීද පරිගණක දැනුම පරීක්ෂා කරනු ලබන අතර විවිධ මට්ටමේ සහතිකපත්‍ර,ඩිප්ලෝමා ,උසස් ඩිප්ලෝමා,උපාධි ,පශ්චාත් උපාධි මට්ටමේ මෙන්ම NVQ පාඨමාලා හරහා ද මෙම ක්ෂේත්‍රෙය් දැවැන්ත විප්ලවකාරී පෙරළියක් සිදුවී ඇත.
මෙම අභියෝගය හමුවේ ඔබට/ඔබේ දරුවාට පහත සදහන් කුමණ හෝ මට්ටමේ පාඨමාලාවක් අවශ්‍ය වුවද අපි ඒ සදහා නිසැකවම ඔබට මග පෙන්වන්නෙමු.

පරිගණක ක්ෂේත්‍රය තුල වසර 15 කට අධික වෘත්තීය පළපුරුදුද මෙන්ම දෙස් විදෙස් ගුරු පුහුණුව (NIE,NITESL,UNIVOTEC,GIZ Germany) වසර 15කට අධික ඉගැන්වීමේ පළපුරුද්ද (Technical Colleges, College of Technologies(COT), SLIATE, Government Schools වැනි රාජ්‍ය ආයතන හා පෞද්ගලික ආතන ගනනාවක) සමගින් වත්මන් සමාජය තුල පවත්නා ටියුෂන්‍ රැල්ළෙන් බැහැරව ඉතා සුවිශේෂීය ක්‍රමවේදයන් ඔස්සේ සෑම විෂය කොටසක්ම ඉතා විධිමත්ව හා සම්පූර්ණ විෂය මාලාව කිසිදු අඩුවක් නොමැතිව ඔබගේ අවශ්‍යතාවයම මුල්කරගනිමින් හා එකම අරමුණ  ලෙස ඔබගේ ඉලක්කය වෙත ඉතා නිවැරදි ,විධිමත් හා පහසු ක්‍රමවේදයන් ඔස්සේ ගෙන යන්නෙමු.

අපොස සාපෙළ උසස්පෙළ තොරතුරු තාක්ෂණය විෂය සදහා නිසැකවම A සාමාර්ථයක් ලබා ගැනීමට මගපෙන්වන බවට අපි ඔබට සපථ වන්නෙමු.
  
   RPL ක්‍රමවේදය ය හරහා NVQ සහතිකයක් ලබා අ පො සා පෙළ උ පෙළ ඌණ සාමාර්ථ ලත් සිසුනට වුවද වෘත්තීය උපාධියකට පිවිසීමේ මග හා නිසැකවම ක්ෂේත්‍රය රැකියාවක් සදහා අවශ්‍ය මගපෙන්වීම හා යොමුකිරීම සිදු කරන්නෙමු. 
     ඔබගේ සිහිනය පරිගණක පාඨමාලාවක් හදාරා NVQ සහතිකයක් ලබා ඒ තුලින් ජීවිතය ජය ගැනීමට වෘත්තීය උපාධියක් කරා පියනැගීමට නම් ,

v      එසේත් නොමැතිව පරිගණක හා තොරතුරු තාක්ෂණය විෂය සම්බන්ධයෙන් විධිමත් හා නිවැරදි දැනුම සමග මග පෙන්වීමක් තුලින් AL /OL ICT , හෝ GIT සදහා A සාමාර්ථයක් නම්,
v නොඑසේනම් ඔබගේ වෘත්තීය ජීවිතයේ ජයග්‍රහණ සදහා පරිගණක දැණුම සමගින් NVQ සහතිකයක්නම්

v නැතහොත් ඔබගේ අවශ්‍යතාවය සදහාම සැකසුන පාඨමාලාවක් තුලින් වෙනත් කුමන ආකාරයේ හෝ තොරතුරු තාක්ෂණික හා පරිගණක ක්ෂේත්‍රෙය් කුමණ හෝ අංශයක් පිළිබදව හෝ දැනුවත් වීමක් තුළින් ක්ෂේස්ත්‍රෙය් නිපුණයකු වී වැඩ ලෝකය ජය ගැනීමට නම්

  කොටින්ම පවසතොත් පොත පතට සහතිකයකට පමනක් සීමා නොවී සැබැවින්ම වැඩකාරයෙක් /super man or super lady කෙනෙකු වීමට නම් ඒ සදහා අපි ඔබට අත් වල සපයන්නේ ඉතාමත් ආදරයෙනි.


පරිගණක ක්ෂේත්‍රයේ  දැවැන්තයින් වන අප සෙවනට පැමිණ කිසිදු අපහසුතාවයකින් තොරව ඉතා සරළව ක්‍රමවත්ව හා විදිමත්ව  නිවැරදිව සම්පූර්ණ විෂය මාලාව හදාරා ඔබත් පරිගණක ක්ෂේත්‍රයේ  දැවැන්තයකු විහිෂ්ඨයකු වන්න. සාර්ථකත්වයේ ඉදිරියටම යන්න....


පළවෙනි කාරණේ, ජීවිතේ 100% ම විඳින ගමන් ඉගෙන ගන්න එක කරන්න බෑ. ඉගෙන
ගන්න කාලෙ සමහර  දේවල් කැප කරන්නම ඕන .
එහෙම තමයි අපි හැමෝම ඉගෙන ගන්න පටන්ගන්නේ. හැම දෙනාම පටන් අරගෙන අඩුම වශයෙන් මාස තුනක් බොහොම උනන්දුවෙන් වැඩ කරනවා. ඒත් බහුතරයක් වැඩේ අතඇරලා දානවා. සමහර අය හිතාගෙන ඉන්නවා තමන් හොදින් වැඩ කරමින් ඉන්නවා ය, විභාග ලියන්න පුලුවන් වේවි කියලා. එහෙම බෑ. එහෙම බෑ කියල තේරෙන්නෙ විභාගෙ ලියද්දි. විභාගෙ ලියද්දි හැමෝටම තේරෙන කාරණයක් තියෙනවා
ඒ තමයි, ප්‍රශ්න ලේසියිඉගෙන ගත්තානම් හොඳට ලියන්න තිබුනා කියන එක.

ඇත්තටම, ඔය ඉංග්‍රීසි  අමාරුයි කියන එකත් ගොඩක් අය නිදහසට කියන කාරණයක්. ඒකට හේතුව ඉංග්‍රීසි බැරිකම නෙවෙයි, තමන් ඒ අවුරුදු කිහිපය ඉංග්‍රීසි එක්ක ගත කරන විදිහ. ඒකත් හරියටම අර විභාගෙ ලියනවා වගේම තමයි ඉංග්‍රීසියෙන් වැඩ කරන්න ගියාම තමයි තේරෙන්නෙ අපිට මොකවත්ම කරගන්න බෑ කියලා. එහෙම නැත්නම් අපි ටිකක් මහන්සිවෙලා වැඩ කලා නම් කියලා......... 

ඉංග්‍රීසි වලට සාමාන්‍ය පෙලට උසස් පෙළට A ,B ගත්තත් ඉංග්‍රීසියෙන් මොනවා හරි කතා කරන්න කිවුවම කිසිම දෙයක් කරන්න බැහැ.ලජ්ජාවෙන් එහාට මෙහාට ඇඹරෙන්න ගන්නවා.
ඔබට  ඉංග්‍රිසි එපා වෙලා නම් ඒත් කොහොම හරි ඉංග්‍රිසි ඉගෙන ගන්න ඕන කියලා හිතෙනවා නම් සාමාන්‍ය පෙළට උසස් පෙළ General English විෂයට හොද සාමාර්ථයක් ගන්න ඕනකම තියෙනවා නම්  ඉංග්‍රිසියෙන් කතා කරන්න ඕන නම් අපිත් එක්ක එකතු වෙන්න . දිගටම රැදෙන්න.අපි අනිත් අයව අනුකරණය නොකර අපේ විදියට ඉංග්‍රීසිත් කතා කරමු......

ඉංග්‍රීසි හොදට බැරිව කවදාවත් හොද රස්සාවක් හොයාගන්න ලැබෙන්නෙත් නෑ...

ඉතින් ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියන්නෙ ඉංග්‍රිසි භාෂාව භාවිතා කරලා කටයුතු කිරීමේ හැකියාව ලබා ගන්නවා කියන එක. Life style එකක් විදියට ,විනෝදාංශයක් විදියට මේ English කියන Tool එක භාවිතා කරන්න අදම පටන් ගනිමු.අපි කියන්නෙ කඩ්ඩ පොලිෂ් කරගන්නවා කියලා.කඩ්ඩ පොලිෂ් කරගන්න ඕනම නම්,

1. Reading -ඉංග්‍රීසියෙන් යමක් කියවීමට හා කියවා තේරුම්ගැනීමට ඇති හැකියාව
2. Writing- ඉංග්‍රීසියෙන් අදහස් ලියා ප්‍රකාශ කිරීමට ඇති හැකියාව.
3. Listening- ඉංග්‍රීසියෙන් පවසන යමක් අසා තේරුම් ගැනිමේ හැකියාව.
4. Speaking- ඉංග්‍රීසියෙන් කතා කිරීමට ඇති හැකියාව.

කියන skills 4 ම දියුණු කරගන්න ඕන හොදට ඉංග්‍රීසි පුලුවන් කියලා කියන්න.
අන්න ඒ නිසා අපි හිතුවා මුල සිටම ඉතා සරළ ,පහසු ,විධිමත් මනෝවිද්‍යාත්මක ක්‍රමවේදයන් ඔස්සේ මුල ඉදලම ඔබට ඉංග්‍රීසි භාෂාවෙන් වැඩ කරගන්න, භාෂාව හසුරවන්න කියලා දෙනවා කියලා. විභාගයෙන් ඉහළ සාමාර්ථයක් ලබා ගන්න ගමන්ම අපි ඉංග්‍රීසි හොදට භාවිතා කරන්නත් ඉගෙන ගන්නවා.ඉංග්‍රීසි කියන්නෙ අපේ මව් භාෂාව නෙමෙයි. ඉතින් අපිට වැරදුනාම මොකද?

 අපි වැරදි වැරදි කතා කරලා,කියවලා,ලියලා,හොදින් සවන් දීලා ඉංග්‍රීසි ඉගෙන ගනිමු. ආසාවෙන්,කැමැත්තෙන් නිවැරදිව කවි,සිංදු, ප්‍රස්තාර, රූප, වීඩියෝ,කතන්දර, දෙබස් ,කෙටි චිත්‍රපටි ,නැටුම් ,සත්තු,මල් , පරිසරය , අපි නිතර ගැවසෙන මූණ දෙන වටපිටාවෙ දේවල් අහලා බලලා ප්‍රාෙයා්ගිකවම ඉගෙන ගනිමු විනෝදෙන්.....
ඔයාගෙ දැණුම හැකියාව මොන මට්ටමේ තිබුණත් කමක්නෑ. අපි දැණුම් මට්ටම මැනලා බලලා එතන ඉදලා තමයි යන්න ඕන නිවැරදි පාර කියලා දීලා ඔබට මග පෙන්වන්නෙ.....අ යන්නෙ ඉදලම ඉගෙනගන්න අපි ලගට එන්න .

පුංචි පැටවුන්ගෙ ඉදලා වෘත්තිකයන් දක්වා ඕනම මට්ටමක කෙනෙකුට අපි ලග සුවිශේෂි ක්‍රමවේදයන් තියෙනවා ඉංග්‍රීසි කියලා දෙන. 1 වසරේ ඉදලා 13 වසර දක්වාම විභාගයෙන් හොදම ලකුණක් ගන්න ඕන නම් අපි ඒකටත් හොදම පාර කියලා දෙනවා හරියටම.

හතු පිපෙන්නා වගේ ඉංග්‍රීසි කඩ ඇරුනට ඉංග්‍රීසි ඉගෙන ගන්න නම් මොකක් හරි පන්තියක් තෝරගෙන බෑ. ඔබව නිවැරදිව හදුනගෙන ඔබට සුවිශේෂි අවධානයක් යොමු කරලා ඔබටම හරියන ක්‍රමයකට කියලා දෙන කණ්ඩායම් පංතියකින් තමයි ඔබට ඔබේ අනාගත සිහිනය සැබෑ කරගන්න පුලුවන්.
ඉතින් ඔබේ අනාගත සිහින සැබෑ කරගන්න තාරුණ්‍යෙය් සොදුරු නවාතැන්පල වන අප වෙත පිය මනින්න.
අපි දරුවන් තනනුයේ අප සමග පෙළට යාමට හෝ අපගේ පසු පසින් පැමිණීමට නොවේ අපව පසුකර ඉදිරියෙන් ඉදිරියට යාමටයි.
  
මේ හැමදේම අපි කරන්නෙ මනෝවිද්‍යාත්මක හා උපදේශන කුමවේදයන්ට අනුව Neuro Linguistic Programing සහිතවයි.


ඒ සදහා සුවිශේෂී ළුූ පුහුනුවක් , දැනුමක් මෙන්ම පළපුරුද්දක් මා සතුයි.
මා පද්ධති පරිපාලකයෙක් සහ පරිගණක ගුරුවරයෙක්, ඉංග්‍රිසි ගුරුවරයෙක්, ව්‍යවසායකත්ව පුහණුකරුවෙක් මෙන්ම ජාතික මට්ටමේ මාර්ගෝපදේශන හා උපදේශකයෙකුත් වෙනවා.,

ඉතින් මම කැමතියි මගේ දැනුම අත්දැකීම් සියල්ල ඔබත් සමග ෂෙයා කරගන්න වගේම ලස්සන සරු ජීවිතයකට ,හැමදාමත් හිනා වෙවී ඉන්න උදවු කරන්න.

මේ හැල්මෙ රැල්ලට දුවන ලාමක ලෝකයෙන් එහාට ගිහින් පරිණත බුද්දියකින් ජීවිතේ දැකලා ජීවිතේ හොයාගෙන යන්න මාර්ගය පෙන්නන්න තමයි මගේ මේ වෑයම.

ඔයා ජීවිතේ හරය හොයාගෙන යනවද?
හැමදාමත් හිනා වෙවී සතුටින් ඉන්න කැමතිද?
ඔයාට ඕනම කෙනා වෙන්න ආසද?
ප්‍රශ්න අභියෝග වලට බය නැතිව මූණ දෙන්න කැමතිද?
අභියෝග භාර ගන්න ඒවා දිනන්න කැමතිද?
පාඩම් කරන හැටි හොයනවද?
මතක හිටින්නෙම නැද්ද?
ආත්මශක්තිය අඩු වෙලාද?
වැටුනම නැගිටින්න බයද?
......................
හිස රිදෙනවද?
ගැස්ට්‍රයිටිස් ඇවිල්ලද?
අමතක වෙනවද/
බෑ කියලා හිතෙනවද?
අනාගතේට අරමුණක් නැද්ද?
ප්‍රාර්ථනා ඉෂ්ට කරගන්න බැරිද?
දකින හැම හීනයක්ම හීනයක්ම විතරමද?

ඉතින් ජීවිතේ හොයන ඔබම තමයි මගෙත් එකම අරමුණ.
මම ඔබව අතහරින්නෙම නෑ......
හැම මොහොතකම මම ඔබත් එක්කම ඉන්නවා...
මගෙන් ලැබෙන මේ තල්ලුව හයිය ඔයාට ඕන තැනටම ඔයාව ගෙනියනවා සත්තයි......

මට පුලුවන් වෙයි ඔබේ සිතට පියාපතක් වෙන්න....
ඔබ බොහෝ ඈත පියාඔන්න කදුලින් නොතෙමෙන්න...
මට හැමදාමත් ඕනෑ ඔබ සිනාසිසි ඉන්න....
හැකිනම් ඔබ මලක් නොවී මල් සුවදක් වෙන්න...
ඔබ බොහෝ ඈත යන්න...
මට පෙණෙන දුරින් ඉන්න...

හතු පිපෙන්නාක් මෙන් පරිගණක සහ ඉංග්‍රිසි කඩ විවෘත්ත වන සමාජයක බොහෝ දෙනකු ඔබ/ඔබේ අහිංසක දරුවා බිලි ගැනීමට බලා සිටී. දෙමපියනි ඔබ බුද්ධිමත් වන්න. උපක්‍රමශීලී වන්න .හුදෙක් ටියුෂන් නොවන ඉතා වැදගත් උපකාරක පන්නියක සෙවනට ඔබේ දරුවා යොමු කොට  බුද්ධිමත්,උගත් මෙන්ම විනය ගරුක පරිසරයක් තුල දරුවා අධ්‍යාපනයට ,පුහුණුවට යොමු කරන්න. වෘත්තීය මාර්ගෝපදේශකයකු, දෙස් විදෙස් පුහුණු ගුරුවරයෙකු, වෘත්තීය සුදුසුකම් ලාභියකු මෙන්ම උපාධි පශ්චාත් උපාදි මට්ටමේ අධ්‍යාපන සුදුසුකම් ලාභී හා NVQ ඇගයුම්කරුවකු වන  මා වසර 15 කට අධික පරිගණක ක්ෂේත්‍රයේ  පළපුරුදු අත්දැකීම් ඔස්සේ  දයාබර මවක ලෙස දැයේ දූ පුතුනට මෙසේ ඇරයුම් කරන්නෙමි.

මේ Blog එක හරහා හැමදාමත් ඔබට පුලුවන් මගේ අලුත්  අලුත් තොරතුරු,
ඔබේ දැණුමට අවබෝධයට සහ ජීවිතේ සරු කරන බොහෝ දේවල් දැන ඉගෙනගන්න...

පරිගණක /තොරතුරු තාක්ෂණික  දැනුම
ඉංග්‍රීසි භාෂා දැනුම
මනෝවිද්‍යාත්මක හා උපදේශන මගපෙන්වීම් සමගින් වන සරු දිවියකට මග
මෙන්ම 
මගේ විවිධ නිර්මාණ සහිත විවිධ Articals සහ විහේෂාංගත් එක්ක ඉදිරියෙදී හමු වෙමු.....


දැන ඉගෙන ගත්තම
තමයි කෙනෙකුගෙ වත්කම
ගුන නුවණ දැක්කම 
ඔබට සලකයි ලොවේ ඔක්කොම...

 
ගසක් නම් ඉහලට ඇදෙයි
සැඩ හිරුට නොබියව  මුහුණ දෙයි.....
පහල පෘතිවිය විනිවිදියි
දිය සොයා මිස නොනවතියි.....
ගිමන් කල හාමත්ව එයි
කොළ දලු සලා නිහඩව හිදියි....
එහෙත් ඒ නිශ්ශබ්දතාවයෙ
අධිෂ්ඨානය කැටි ගැසෙයි................
...................................
දරුවනේ වන මලක් යනු?
එක රැයක අසිරිය නම් නොවෙයි
ගහත් පොළවත් වින්ද දුක් ගිනි
මලක රුව ගුන බිහිකරයි.......
අද දවස ඔයාගෙම දවස වේවා.....
Yes you can win......







චමිලා හේරත්
               
MSCCS-PGIS- University of  Peradeniya,PGDIT  -PGIS  University of  peradeniya PGDEducation    (with Psychology, Educational Counseling, IT, English, Classroom Management,
 Teaching & Learning Methods )               National  Institute of Education  (NIE)BA  -University of Peradeniya(Internal)
 ND in Career Guidance & Counseling  -National careerGuidance AcademyHND in English City & Guilds, DIP  IT-NITESLAdvanced Diploma in English -Department of Official Languages Dip in English NITESL,Curriculum Innovation and Part-time Learning GIZ in GermanyCertificate in Graphics Designing -(INGRIN), Certificate in NVQ Assessor trained -UNIVOTECMIS and EMIS NITESLEntrepreneurship  trainer Training-CEFE International System Administration-                SLIDA
  cont
  



Experiences

1. NVQ 3/4/5/6/Assessor,
2. ICT Lecturer grade 8,9,10,(O/L),(A/L),NVQ
     ,4,5,GIT /(TcKu/COtApura /Provincial Training Center Apura/District Cooperative
 Apura  cambridge College Apura/ Ceylon University, GAMA City, Ruwana-Kuliyapitiya)
3.English Lecturer (Grade 1-11,Genaral
      English) (Ceylon University,
GAMA City, -Kuliyapitiya
4. Trained ICT & English Lecturer,(NIE/City
        &Guilds/NITESL/Institute of foundation etc…)
5. More Than 15 Years Experience in  Teaching
    and Relevant Field,(Private & Public)
7. Career Guidance & Counseling Officer/ICT Officer (TCKU),
8.EMIS and MIS Administrator )COT Apura/TC Ku)
9.HOD for Level 5/6 Diploma Courses (Cot Anuradhapura)
10.Course Co-ordinator (Construction Technology-COT Anuradhapura.
11. ICTO and Career Counselor- TCKU
12.
Entrepreneurship  Trainer


සියලු විමසීම් විජිත සර් සහ චමිලා මිස් - 071- 5275026 / 071-8183362 
තැන- විදුසද ඇකඩමි -කුලියාපිටිය
        


Comments

Popular posts from this blog

තොරතුරු තාක්ෂණය-6 වසර- 01 පාඩම

English Language-අලුත්ම විදියකට ඉංග්‍රීසි භාෂාව ඉගෙනගන්න කැමතිද?

රැකියාවක අරුම....