රැකියාවක අරුම....


රැකියාවක අරුම....

මුලු ලොවම ඔබ විය
මගේ ලෝකේ සදාකල්
සෙවූයෙමි ඉඩ රැදෙන්නට
ඔබෙ හදේ මං
පෙති තලා පොඩිකල හද මලේ
මේ ලෙසින් දැන්
මා කෙලෙස සැනසෙමි
ඔබගෙ තුරුලේ මතුව මින්.....

දුක් කදුලු සුසුමන් දරා සිටියා හද පුරා
රුහිරු දා බිදු නිමක් නෑ හෙලු ඔබ නිසා
දිදුලනා ඔබෙ නම දකින්නට ලොව පුරා..
පෙරූ පිරුමන් දන්න අය ඇයි ගොලු වෙලා....
පන්සලක් යයි රැවටිලා
පිය මැන්න බිම සොහොනක් වෙලා....

වැටත් නියරත් ගොයම් කා නම් තලු මරා
කපනු බැරි අත සිඹී නම් වාසිය තකා....
දිය යටින් ගිනි ගෙන යයි පයෙන් ඇද ඇද දමා
දිය රෙද්දකින් නිති බෙල්ල කපනට සැරසෙනා...
පිටට පෙනෙනා පන්සලෙත්
යකුන් සිටිනා බව දනිම්....

මා නිරතුරුව රැදි නිරය විය යමයන් පිරී
වෙහෙසුනා දිවි රකින්නට උන්ගෙන් මිදී
දැන් හරිම වෙහෙසයි ගත සිතේ සවි බල බිදී
යම ලොවේ යම පාඩමම ඇති මට යලි...
එක වදනකින් හෝ මගේ හදවත සනසනා...
තුම් දෙවි බඹුන් එක් අයෙකු දෙන්නකු හමු උනා...
දණ බිම ඔබා අත් එකතු කොට නලලත දරා
පා වදිමි ඒ උතුමන්ගෙ නාමය හද දරා...

චමිලා හේරත්

Comments

Popular posts from this blog

තොරතුරු තාක්ෂණය-6 වසර- 01 පාඩම

English Language-අලුත්ම විදියකට ඉංග්‍රීසි භාෂාව ඉගෙනගන්න කැමතිද?

BE POSITIVE AND CHENGE YOUR LIFE