රැකියාව....



රැකියාව....

මිනිසත්කමත් කුලුණත්
සහතිකත් මහ ගොන්නක්
තුරුලු කරගෙන දහසකුත් හැකි කම්
මහා කතරක දෙපා නැගුවේ
සොයා දිය දෝතක් කෙදින හෝ
ලැබෙනතුරු සා පවස නිවා සනහා.....

පුරා දහතුන් වසක් මා
සිත් සොවින් රැදුනේ ඔබේ සෙවනේනම්...
නිබද අදුරේ ගිලී උන්නේ දකින තුරු එළියක්
සදා මා ඔබේ ඇසුරේ නම්.......
පොදු ජනට සේවය තකා බැති සිතකින් ....
වැටත් නියරත් ගොයම් කා නම් සදා කල්
කාට නම් පවසම් ඉතින් අවනඩුව මම්......

දරා සෝ සුසුමන් හදේ මේ ලෙස ඉතින්
ඉන්නදෝ දිවි ඇති තුරා මේ ලෙසම මම්...
මහා වෙනසක් පතා ආ ගමනේ
මේ තරම් සෝ ලතැවුල් කිමැයි නොදැනේ..
දෛවයේ සරදම් මේ ලෙසද උරුමේ...
මා කාට නම් පවසම් ද මේ අරුමේ...
එක් ඇගිල්ලක් පමණක් තබන්නට ඉඩක් දුන්නා නම්
පැතු පැතුම් මිලිනව නොයයි මගෙ ලෝකේ
සුදුසුම තැනක් අද හෙටද මතු කවදා
නොලැබුනත් මට දැන්
එපා බොරු ස්නේහේ.........

කපනට නොහැකි විට සිඹිනයුරු අත
කෙසේ නම් ඉවසමිද නොදැනුන සේ ....
අරුනෝදෙ පිබිදෙමි ලෙසින් හිරු අඔරේ....
හා හැකිද මා වළකන්න පෙර වාගේ ...

චමිලා හේරත්


Comments

Popular posts from this blog

තොරතුරු තාක්ෂණය-6 වසර- 01 පාඩම

English Language-අලුත්ම විදියකට ඉංග්‍රීසි භාෂාව ඉගෙනගන්න කැමතිද?

BE POSITIVE AND CHENGE YOUR LIFE

රැකියාවක අරුම....